AMCC OSA

Sign In

ABOUT US

History

1815 කන්ද උඩරට ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව 1856 වන තෙක්ම අප රට තුළ භාවිතා වූ භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාවයි. එම නිසා බොහෝ ප්‍රදේශ වල උගතුන් වැදගතුන් සමාජයේ කැපී පෙනීම සඳහා ඉංග්‍රීසි භාෂාව යොදාගත්තේය. නමුත් බලංගොඩ ජනතාවට ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට විද්‍යාලයක් නොමැති විය. එබැවින් සමාජ බෙදීමකට ලක්විය. එකී බෙදීම වැළැක්වීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේට ඉංග්‍රීසි විද්‍යාලයක් ආරම්භ කිරීමට අවශ්‍යතාවය ඇති විය.
ඉන් අනතුරුව උන්වහන්සේ විසින් 1943 ජූලි මස 05 වන දින ප්‍රදේශවාසී සියලුදෙනාගේ ආශිර්වාද මධ්‍යයේ බිම ගොම ගෑ බටලීයෙන් තනා කොළ සෙවිලි කළ පොල් අතු පැලක ළමුන් විසිදෙනෙකුගෙන් යුතුව ‘‘මිරිස්වත්තේ ශ්‍රී ධර්මානන්ද ඉංග්‍රීසි විද්‍යාලය” නමින් බලංගොඩ මහා විද්‍යාලය බිහිවිය.
එම විද්‍යාලයේ කළමණාකරු වශයෙන් අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නායක ස්වාමීන් වහන්සේ පත්වන අතර එහි පළමුවන විද්‍යාලාධිපති වන්නේ K.Y. රඹුක්වැල්ල මහතාය. පොල් අතු සෙවිලි කළ ශාලාව වෙනුවට 1946 වර්ෂයේදී අඩි 80ක් පමණ දිගැති ස්ථිර ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සමත් විය.
1945 මැයි මස 01 වන දින කනිෂ්ඨ ද්විතියික විද්‍යාලයක් ලෙස ලියාපදිංචි කරමින් රජය අතට පවරා ගන්නා ලදි. 1952 ජූනි මස 27 වන දින රජයෙන් ඉදිකරන ලද තවත් විශාල ගොඩනැගිල්ලක් විවෘත කරන ලදි. වර්ෂ 1958න් පසුව විද්‍යාලය තුළ නව ගොඩනැගිලි ඉදිකිරීම විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම, ක්‍රීඩා පිටියක් සකස් කරගැනීම, උසස් පාඨශාලා සහතිකපත්‍ර පන්තියක් ආරම්භ කිරීම රණකෙළි බට (කැඩෙට්) හමුදාවක් ඇති කිරීම ආදී නව ප්‍රවේශ ගණනාවකට මංපෙත් විවර විය.
වර්ෂ 1978 දී ර/බළන්ගොඩ මහා විද්‍යාලය නමින් හඳුන්වන ලද අප පාසල වර්ෂ 1978 දී “ර/බළන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය” බවට පත්විය.
වර්ෂ 1989 දී විදුහල්පති ධූරය සඳහා පත්වූ ඊ.ඩබ්.එස්. ආනන්ද සිරිවර්ධන මහතාගේ කාලයේ අධ්‍යාපනික මෙන්ම භෞතික අතින්ද සුවිශාල සංවර්ධනයක් සිදුවිය. වර්ෂ 1993 දෙසැම්බර් මස 22 වන දින “ජාතික පාසලක්” බවට පත් විණ. වර්ෂ 2002 දී එතුමන් විසින් මෙම පාසල “බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මධ්‍ය මහා විද්‍යාලය” නමින් නම් කරන ලදි. ඉන් අනතුරුව වර්ෂ 2004 දී එම්.ජී. රණසිංහ මහතා විදුහල්පති ධූරයට පත්වන අතර වර්ෂ 2010 දී එතුමා විශ්‍රාම ලබාගත්තේය. එවකට විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ආර්.එම්. යසරත්න මහතා 2010 ජූලි මස 22 වන දින සිට 2017 ජූලි මස 26 වන දින තෙක් පාසලේ භෞතික හා ගුණාත්මක සංවර්ධනය සඳහා මනා සැලසුමක් යටතේ විද්‍යාලයේ සංවර්ධන කටයුතු සිදුකරන ලදි. එතුමාගේ විශ්‍රාම ගැනීමෙන් පසුව අනුර ඒකනායක මහතාත් ඩී.එස්. මල්ලිකාරත්න මහත්මියත් වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරන ලදි. 2017 දෙසැම්බර් මස 26 වන දින ජී.ආර්.ඩබ්.ද සිල්වා මහතා විදුහල්පති ලෙස වැඩබාරගත් අතර මේ වන තෙක් පාසලේ විදුහල්පති ධූරය හොබවමින් භෞතික ගුණාත්මක සංවර්ධනයක් සිදුකරමින් පවතී.

Committee Members

member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card
member_card